+ කෙලින්ම කිව්වොත් ජංගම දුරකථන වලට අකුණු සැර වදින්නෙ නෑ.
අපේ රටේ සිදුවන අනතුරු අතුරින් අකුණු සැර නිසා ඇතිවන ජීවිත අනතුරු බහුල වශයෙන් අහන්න ලැබෙනවා ඒ අනතුරු අතරින් ජංගම දුරකථන භාවිත කරමින් ඉන්නකොට අකුණු සැර වැදුනු අවස්තා අපිට ගොඩක් අහන්න දකින්න ලැබෙනවා. ඔය හේතුව හින්දම වැස්ස කාලෙට අපිට වැඩිහිටියන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමා " පුතේ ඔය phone එක පැත්තකින් තියහන් අකුණු ගහනවා". ඒත් ඕකෙ ඇත්ත නැත්ත ගොඩක් අය දන්නෙ නැ. අපි කතාවට එමු.
+ ස්ථාවර දුරකථන (landline phones) ?
landline phones ඉතිං බොහෝම පහසුවෙන් මේ landline phones වලට අකුණු සැර වදින්න පුලුවන්. මම හිතනවා ඒක ඔයාලා දැනටමත් දන්නවා කියලා. මොකද ඔයාලා දන්නවා ඇති මේ landline phones වල තියෙන්නෙ wired connection එකක් ඒ හින්දා අකුණක් උනත් මේ wire එකකට වැදුනොත් wire මේ එක හරහා ඇවිත් අපිට හානියක් වෙන්න ලොකු අවදානමක් තියනවා. තව දෙයක් තමා මේ ( landline phones ) current එකට connect කරන්නෙ නැහැ ගොඩක් වෙලාවට. connect කරලා තිබ්බොත් මේ විදුලි පද්ධතිය හරහා උනත් අකුණු සැරක් අපිට වදින්න අවදානමක් තියනවා.
+ එහෙනම් ජංගම දුරකථන භාවිත කරපු අයට අකුණු වැදුනෙ මොකක් නිසාද ?
ඔයා හිතන්න වැස්සක් තියන වෙලාවක ඔයා ජංගම දුරකථනය භාවිත කරමින් ඉන්නවා. ඒත් ඒකෙදි ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. දැන් ඔය කල්පනා කරල බලන්න ඔයා ඔය ජංගම දුරකථනයම අරගෙන පිට්ටනියක් තුලට වෙලා ඉන්නවා. හැබය් ඔය වෙලාවෙදි ඔයාට අකුණක් වදිනවා. හැබැය් මේකට ඔයාගෙ ජංගම දුරකථනය කිසිම සබදතාවක් නෑ. මොකද ඔයා ජංගම දුරකථනය නැතිව ඒ පිට්ටනය තුල හිටියත් ඔයාට ඒ අකුණ වදිනවා. මම මේ අදහස් කරන්නෙ ඔයා වත්තෙ හරි කොහෙම හරි තැනක ඉන්නකොට ඔයාට අකුණක් වදිනවනම් ඒ වදින්නෙ ඔයාගෙ ජංගම දුරකථනය හින්දා නෙමේ. ඒ අකුණ ඔයාට කොහොමත් වදින්න තියන අකුණක්. මොකද අකුණක් හැමතිස්සෙම උත්සහ කරන්නෙ ඉතාමත් ලග පාරකින් භූගත වෙන්න.
ඒ කියන්නෙ ඔයා ජංගම දුරකථනය භාවිතකරමින් පිට්ටනියේ හරි කොහෙ හරි හිටියත් ඒ පරාසය තුල තියන උසම දෙය ඔයා නම් ජංගම දුරකථනය තිබ්බා හෝ නොතිබුනත් ඔයාට අකුණ වදිනවා. ඒත් ඔයා නිවස ඇතුලෙ ඉන්නවනම් කිසිම හේතුවක් නැත්නම් ඔයාට අකුණක් වදින්න උදාහරණයක් ලෙස ඔයා ගෙදර ඇතුලෙ ඉද්දි ඔයා ඇදුමක් iron කරමින් ඉන්න ගමන් ඔයා ජංගම දුරකථනය පාවිච්චි කරනවනම් ඔයාගෙ විදුලි පද්ධතියට අකුණක් වැදුනොත් ඒක ඔයාගෙ iron එක හරහා ඇවිත් ඔයාට විදුලියෙන් හානියක් වෙන්න පුලුවන් හැබය් එහෙම මුකුත් නැතුව ඔයා ජංගම දුරකථනය විතරක් භාවිතා කරමින් ඉන්නවනම් ඒක කීයටවත් ඔයාට අකුණු සැර වදින්න හේතුවක් නෙමේ.
හැබැය් එකම එක අවස්තාවකදි විතරක් ජංගම දුරකථනය හරහා අකුණු වදින්න පුලුවන්. ඒ තමා ජංගම දුරකථනය charge වෙන්න ගහලා තියනවනම්. මෙතනදි ඔයා ජංගම දුරකථනය charge වෙන්න ගහලා තියෙද්දි පාවිච්චි කරනවනම් ඉතාම පහසුවෙන් ඔයාගෙ විදුලි පද්දතියට වදින අකුණක් නිසා ඒක ඔයාගෙ ජංගම දුරකථනය හරහා ඇවිත් ඔයාගෙ ජීවිතයට උනත් හානියක් වෙන්න පුලුවන්. ඒ නිසා වැරදිලාවත් ඔයා ජංගම දුරකථනය අකුණු සහිත වෙලාවක භාවිත කරනවනම් ඒ වෙලාවෙ charge කරන්න හදන්න එපා. charge කරන්නම ඕනෙනම් power bank එකක් පාවිච්චි කරන්න ඒකෙන් ඔයාට කිසිම අනතුරක් නෑ. නැත්නම් ඔයාට laptop එකක් උනත් charge කරගන්න භාවිත කරන්න පුලුවන්. ඇත්තටම මේ laptop වලටත් අකුණු වදින්නෙ නෑ. ඒ කියන්නෙ ඔයාට laptop එකක් උනත් අකුණු ගහනකොට භාවිතා කරන්න පුලුවන් හැබැය් මේවා ඔයාගෙ ගෙදර තියන විදුලි පද්දතියට සම්බන්ද කරන්නෙ නැතුව.
+විද්‍යාත්මක හේතුව සරලව
ඇත්තටම අපි විද්‍යානුකූලව මේ ගැන හිතලා බැලුවොත් ජංගම දුරකථනයත් එක්ක අකුණකට සම්බන්ද වෙන්න කිසිම අවස්තාවක් නෑ. මොකද ජංගම දුරකථනය සිට පිටතට හා ජංගම දුරකථනය වෙතට තරංග ගමන් කරනවා ඒත් මේ තරංගත් සමග කිසිම විදිහකට අකුණකට ගමන් කරන්න බෑ ඒ මොකද මේ තරංගත් එක්ක කිසිම විදිහකට විදුලිය ගමන් කරන්නෙ නැති නිසා.
ඒ කියන්නෙ සරලවම ජංගම දුරකථනය හරහා ඔයාට විදුලි සැර වදිනව්නම් අනිවාර්‍යයෙන්ම මුලින්ම ජංගම දුරකථනයට ඒ විදුලිය ගමන් කරන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. ඉතින් මේ තරංග හරහා ගමන් කරන්න ක්‍රමයක් නැත්නම්. charge වෙන්න විදුලි පද්දතියකට සම්බන්ද කරලත් නැත්නම් ජංගම දුරකථනය හරහා ඔයාට අකුණක් වදින්න කිසිම හේතුවක් නෑ. ඔයාලට මේ සම්බන්ද ගැටලු තියනවනම් comment එකක් දාන්න සුභ දවසක්.
Comments
Post a Comment